කාබනික පොහොරින් ගසා කන්න ගොස් මාට්ටුයි…! හොරෙන් ගෙන කාබනික පොහොර තොගය රේගුවේ…!

June 21, 2021 at 4:35 pm | by emanisa.lk

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිට මෙරටට ගෙන්වූ කාබනික පොහොර අඩංගු අඩි 40 ප්‍රමාණයේ බහලුම් තුනක් ශ්‍රී ලංකා රේගුව රඳවා ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියකු අනාවරණය කරයි.

එම කාබනික පොහොර මදුරේහි ලියාපදිංචි නොකළ සමාගමකින් ආනයනය කර තිබෙන බවත් ආනයන කරන අවස්ථාවේදී බාරදී ඇති ලිපි ලේඛණවල සඳහන් ආනයනකරුගේ ලිපිනය ද සැක සහිත බවත් පැවසෙයි.

එසේම එම බහාලුම් 03හි පොහොර කිලෝ 77881.41 ක ප්‍රමාණය කොළඹ 12 ප්‍රදේශයේ සමාගමක් විසින් ආනයනය කර තිබෙන බවත් දැනට එම බහලුම් ඔරුගොඩවත්ත ග්‍රේලයින් බහලුම් පර්යන්ථයේ ගබඩා කර තිබෙන බවත් වාර්තා වෙයි.

මේ අතර එම කාබනික පොහොර තොගය ආනයනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කිසිඳු බලපත්‍රයක් නොමැතිව සිදුකර තිබෙන අතර 1999 ශාක ආරක්‍ෂණ පනත යටතේ කාබනික පොහොර ආනයනය තහනම් කර තිබේ. ශ්‍රී ලංකාවට ක්ෂුද්‍ර ජීවින් සහ විවිධ දිලීර වර්ග ඇතුල්වීම වැළැක්වීම සඳහා එම පියවර ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *