ගුරුවරුන්ට මාසයක් සඳහා හිමි වන්නේ රු. 36 000ක් වැනි සොච්චම් වැටුපක් බවත් එය දවසකට රු. 1200ක් බවත් ජනබල පවුරේ ලාල් පෙරේරා පවසයි.
මේසන් බාස් කෙනෙකුටත් අඩු රු. 12000ක වැටුපක් ලබා ගෙන හතර දෙනෙකු සිටින පවුලක් කවර බිබික්කමක් කරන්න දැයි ඔහු ප්‍රශ්න කරයි.
මේ නිසා ගොවිතැන හෝ රාත්‍රියට ත්‍රීවිල් ධාවනය වැනි රැකියා කිරීමට ගුරුවරුන්ට සිදුව ඇතැයි ඔහු පෙන්වා දෙයි.
තම වැටුප් විෂමතා ඉවත් කරන තුරු අරගලය අත නොහරින බවත් තම වැටුපින් වියදම් කර ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු කළ නොහැකි බවත් ලාල් පෙරේරා අවධාරණය කරයි.