චීනයෙන් තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක පරිත්‍යාගයක්….!

July 15, 2021 at 2:58 pm | by emanisa.lk

චීනය තවත් සිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට තීරණය කළ බව චීන තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ කටයුතු තවත් වේගවත් කිරීම මෙම පරිත්‍යාගයේ අරමුණ බව ද ඔවුහු පවසති.

චීනය දුෂ්කරතාවලට මුහුණපෑ අවස්ථාවේ තමන් වෙත ශ්‍රී ලංකාව දැක්වූ සහයෝගය කිසි විටක අමතක නොකරන බව චීනය වැඩි දුරටත් පවසයි.

මීට පෙර ද චීනය ශ්‍රී ලංකාවට එන්නත් ලක්ෂ ගණනක් පරිත්‍යාග කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *