ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට ෆයිසර් සහ මොඩර්නා….! එන්නත් තොග ඉදිරි දින කිහිපය තුළ දිවයිනට…!

June 28, 2021 at 10:20 pm | by emanisa.lk

අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් සහ මොඩර්නා එන්නත් භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණු බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් ලක්ෂ 6කට ආසන්න පිරිසකට මෙතෛක් දෙවැනි මාත්‍රාව ලබා දීමට නොහැකි වී තිබේ. ඒ ඉන්දියානු කොවිඩ් වසංගත තත්ත්වය උග්‍ර වීමත් සමඟ එම වර්ගයේ ම එන්නත් තොග ලබා ගැනීමට ඇති නොහැකියාව නිසා ය.

මේ අතර ෆයිසර් සහ මොඩර්නා එන්නත් මාත්‍රා තොගයක් ඉදිරි දින කිහිපයේ දී මෙරටට ලැබීමට නියමිත බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *