පහුගිය මාස හයේ ආණ්ඩුව පවුලක් ලක්ෂ 06ක ණයකාරයින් කළා….! – හර්ෂ ද සිල්වා…

July 12, 2021 at 3:08 pm | by emanisa.lk

රට සෞභාග්‍යමත් කිරීමට පැමිණි ආණ්ඩුව පසුගිය මාස 15 ක කාලය තුළ හතර දෙනෙකුගෙන් යුත් පවුලක් රුපියල් ලක්ෂ 6කින් ණයකාරයින් කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඒ අනුව රාජපක්ෂ ආණ්ඩුව පත් වූ මාස 15 තුළ එක් පුද්ගලයකු රුපියල් එක් ලක්ෂ පනස් එක් දහසකින් ණයකාරයින් බවට පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

ආර්ථික දැක්මක් අවබෝධයක් නැති රාජපක්ෂ පවුල පරිසරය, ආර්ථිකය, කෘෂිකර්මය අධ්‍යාපනය ආදී සියල්ල විනාශ කරමින් යන බව ද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ ය.

ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු ම අයියලා එකතු වී රට පාලනය කළත් රට ගොඩ ගැනීම සඳහා ශක්තියක් ඔවුන්ට නොමැති බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේය

රට සෞභාග්‍යමත් කිරීමට පැමිණි ආණ්ඩුව පසුගිය මාස 15 ක කාලය තුළ හතර දෙනෙකුගෙන් යුත් පවුලක් රුපියල් ලක්ෂ 6කින් ණයකාරයින් කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඒ අනුව රාජපක්ෂ ආණ්ඩුව පත් වූ මාස 15 තුළ එක් පුද්ගලයකු රුපියල් එක් ලක්ෂ පනස් එක් දහසකින් ණයකාරයින් බවට පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

ආර්ථික දැක්මක් අවබෝධයක් නැති රාජපක්ෂ පවුල පරිසරය, ආර්ථිකය, කෘෂිකර්මය අධ්‍යාපනය ආදී සියල්ල විනාශ කරමින් යන බව ද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ ය.

ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු ම අයියලා එකතු වී රට පාලනය කළත් රට ගොඩ ගැනීම සඳහා ශක්තියක් ඔවුන්ට නොමැති බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස