මරණ දඬුවමට යටත් කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව දීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය සමඟි ජනබලවේගය දැඩිව හෙළා දකියි.
එම පක්ෂයේ මහ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මෙවැනි සිදුවීම් සිදුවිය හැක්කේ ගෝත්‍රික, වැඩවසම්, වහල් සමාජවල පමණක් බව ය.
මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරු බවට පත්ව මරණ දඬුවම හිමි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාවක් ලබා දීම හරහා නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්ව ඇති බව ද එම නිවේදනය මගින් පෙන්වා දෙයි.
එම නිසා වහා ම මෙම නියෝගය හකුලා ගනිමින් නීතියේ ආධිපත්‍ය සහ ස්වාධීනත්වයත් තහවුරු කරමින් දුමින්ද සිල්වා නඩු තීන්දුව ලබා දුන් විනිසුරුතුමන්ලාගේ ගෞරවයත් සුරකින ලෙස ජනාධිපතිවරයාට බලකරන බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.