සංචරණ සීමා පනවා ඇති කාලයේ දී විවිධ පුද්ගලයන්ට ගමන් බිමන් යාම සඳහා පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් සිය අත්සන යොදා අවසර පත් නිකුත් කර ඇතැයි වාර්තාවේ.
අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදෙන අවසර පත්‍රය නමින් මන්ත්‍රීවරයා නිකුත් කරන අවසර පත්‍රවල පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ජංගම දුරකතන අංකය සහ නම ද සඳහන් කරන අතර ඒවා ලබාගත් පුද්ගලයන් ඉකුත් දිනවල දිස්ත්‍රික් සීමා පැන වව්නියාවට පවා ගොස් තිබේ.
ඒ පිළිබඳව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ජී.එස්. ජයමහගෙන් කළ විමසීමේ දී පැවසුවේ අදාළ මන්ත්‍රීවරයා මෙම සංචරණ කාලසීමාවලදී ගමන් කළ හැකි පුද්ගලයන් පිළිබඳව තමන්ගෙන් දුරකථනයෙන් විමසා සිටි බවත් එහිදී කුඹුරුවලට හා තෝරා ගත් අනිකුත් කටයුතුවලට නිසි අවසරයකින් පමණක් ගමන් කළ හැකි බව තමන් දැනුම් දුන් බවයි.
තමන් මෙවැනි කිසිදු අවසරයක් ලබා දී නොමැති බව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ජී.එස්. ජයමහ පවසන අතර මන්ත්‍රීවරයා සංචරණ කාල සීමාවල දී ගමන් කළ හැකි පුද්ගලයන් පිළිබඳව තමන්ගෙන් දුරකථනයෙන් විමසා සිටි අවස්ථාවේ කුඹුරුවලට හා තෝරා ගත් අනිකුත් කටයුතුවලට නිසි අවසරයකින් පමණක් ගමන් කළ හැකි බව දැනුම් දුන් බව වැඩි දුරටත් පවසයි.
අලිසබ්රි රහීම්, රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් පාර්ලිමේන්තුවට පත්විය. කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කිරීම නිසා ඔහු ඉකුත්දා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලැබීය.