ජනතාවට අදාළ සංචරණ සීමා මට අදාළ නෑ….! මම ඇමැති නිරෝෂන් ප්‍රේමරත්න…!

May 16, 2021 at 10:54 pm | by emanisa.lk

මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සංචරණ සීමා නොතකා ලොරි රථයකින් ගමන් කිරීම නිසා පොලිසිය සමඟ උණුසුම් මත ගැටුමක් නිර්මාණය විය.

තලවතුගොඩ ප්‍ර දේශයේ දී ඔහු ගමන් කළ ලොරි රථය නතර කළ පොලිසියට බලු වැඩ කරන්න එපා යැයි නිරෝෂන් ප්‍රේමරත්න දොස් කීවේ ය.

තමා ඇමැති නිරෝෂන් ප්‍රේමරත්න බවත් පොදු මහ ජනතාවට බලපාන සංචරණ සීමා තමාට අදාළ නොවන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

පොලිසිය හමුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැසිරුණු ආකාරය සමාජ මාධ්‍යවල දැඩි දෝෂ දර්ශනයට ලක්වෙමින් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *