කොවිඩ් එන්නත් මාත්‍රා දෙක වෙනත් වර්ගවලින් ගැනීම ගැටලුවක් නෑ….! – ගම්මන්පිළ

May 11, 2021 at 3:14 pm | by emanisa.lk

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පිරිස් එහි දෙවන මාත්‍රාව ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගත යුතුව නැතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ඔහු පැවසුවේ, විශේෂඥ මතයට අනුව පළමු එන්නත් මාත්‍රාව එක් එන්නත් වර්ගයක් සහ අනෙක් මාත්‍රාව තවත් එන්නත් වර්ගයකින් ලබා ගැනීම ප්‍රශ්නයක් නොවන බවයි.

එසේ ම ඉන්දුනීසියාවේ මෙන්ම අප්‍රිකානු රටවල ඇති අතිරික්ත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොග මෙරටට ලබා ගැනීමට හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා නිෂ්පාදනය කරන රටකින් හෝ දැනට මිල දී ගෙන ඇති රටකින් හෝ මෙරටට අවශ්‍ය කරන එන්නත් තොග ලබා ගැනීමට කටයුතු කරමින් ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

ඒ අනුව අවශ්‍ය කරන එන්නත් තොග ඉදිරි මාසය ඇතුළත ලබා ගැනීමට හැකි වනු ඇතැයි, සම කැබිනට් ප්‍රකාශකවරයා සිය විශ්වාසය පළ කළේ ය.

පළමු මාත්‍රාවෙන් ම ශරීරය තුළ ඉතා හොඳ ප්‍රතිශක්තියක් ගොඩනැඟෙන නිසා සෞඛ්‍ය අංශවල උපාය මාර්ගය හැකි තරම් වැඩි පිරිසකට පළමුව එක් එන්නත් මාත්‍රාවක් ලබා දීම බව ද උදය ගම්මන්පිළ ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *