කොවිඩ් හමුවේ සජිත්ගේ වගකීම් සහගත හැසිරීම අතිවිශිෂ්ටයි….! – GMOA ප්‍රශංසා….

May 10, 2021 at 8:53 pm | by emanisa.lk

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, වෛද්‍ය හරිත අලුත්ගේ, වෛද්‍ය නලින්ද හේරත්, වෛද්‍ය චන්දික එපිටකඩුව, වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු, වෛද්‍ය සමන්ත ආනන්ද, වෛද්‍ය එච්.එන්. ද සොයිසා ඊට එක්ව සිටියහ.

කොරෝනා ව්‍යසනය සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව එහිදී විශේෂයෙන් සාකච්ඡාවට ගත් අතර මේ ව්‍යසනකාරී අවස්ථාවේ විපක්ෂ නායකයා ලෙසත් විපක්ෂය ලෙසත් වගකීම් සහගතව කටයුතු කරන ආකාරය පිළිබඳව ඔවුන්ගේ ප්‍රසංසාව සජිත් ප්‍රේමදාසට හිමිවිය.

විදේශීය තානාපතිවරු සහ රාජ්‍යතාන්ත්‍රික පිරිස් හමු වූ අවස්ථාවල රටට අවශ්‍ය සෞඛ්‍ය උපකාර ලබා දෙන ලෙස තමන් ඔවුන්ගෙන් ඉල්ලා සිටි බව විපක්ෂ නායකතුමා පැවසීය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් ද එක්ව සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස