පේරාදෙණියෙන් ලොව ප්‍රථම වෛරස් නාශක මුව ආවරණය තනයි…! අද සිට සතොසින් පහසු මිලට… නුදුරේදීම ජාත්‍යන්තර වෙළෙඳපොළට…!

April 28, 2021 at 8:13 am | by emanisa.lk

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් නිෂ්පාදිත වෛරස නසන ලොව ප්‍රථම මුහුණු ආවරණය සහ කොවිඩ් පරීක්ෂණ කට්ටලය අද (28) සිට ලංකා සතොස ඔස්සේ මිලයට ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. එහි මිල රු. 200කි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා ඇතුළු විද්‍යාඥයන් පිරිසක් විසින් ලොවට හඳුන්වා දුන් වෛරස නාශක RESPIRONE NANO AV99 මුහුණු ආවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම මුහුණු ආවරණය සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොල අවකාශ නිර්මාණය කරගැනීමට අවශ්‍ය අන්තර්ජාතික තෙවන පාර්ශ්ව පර්යේෂණයන් මේ වන විට සිදු කරමින් පවතින බවයි.

මෙම වෛරස නසන මුහුණු ආවරණය රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා රජයේ ආයතනවලට විශේෂ වට්ටම් සහිතව ලබා දීමට කටයුතු සලසා ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මුව ආවරණය මගින් වෛරස් බැක්ටීරියා විනාශ කරන බවත් පහසුවෙන් හුස්ම ගැනීමේ හැකියාව ඇති බවත් මහාචාර්ය උපුල් දිසානායක පවසයි. එසේ ම මෙම මුව ආවරණය 25 වතාවක් පමණ සෝදමින් භාවිත කළ හැකි බවත් එය පැළඳ සිටින විට කාබන්ඩයොක්සයිඩ් ඇතුළු වීමට නොදී විනාශ කරන බවත් ඔහු වැඩි දුරටත් අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *