උතුරු මැද ආණ්ඩුකාර පුතාගේ ඡන්ද ප්‍රවර්ධන Mask දාගෙන රාජකාරියේ!

July 14, 2020 at 9:18 am | by emanisa.lk

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් ඊයේ (13) පොළොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමි‍ටුවේ දී මැතිවරණ අපේක්ෂකයෙකු වන සිය පුතා ප්‍රවර්ධනය කෙරෙන අන්දමේ මුඛ ආවරණයක් පැළඳ දිස්ත්‍රික් රාජ්‍ය ආයතන ප්‍රධානින් හමුවීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

පොළොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමි‍ටුව දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරි පොළොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරිගේ ප්‍රධානත්වයෙන් ඊයේ(3) සවස 2.00 ට පමණ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී ආරම්භවිය.

මෙම කමි‍ටු ‍රැස්වීමේ ප්‍රධානීන් ලෙස ක්‍රියා කළ උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා සිය පුතාගේ දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක් ලෙස ඔහුගේ නම හා අංකයද පක්ෂයේ ලාංඡනය ද ප්‍රදර්ශනය වන අන්දමින් ‍රැස්වීම අවසන් වන තුරුම ‍රැඳී සිටිනු දැකගත හැකි විය.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ මෙය මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වන බවත් පක්ෂයක ලාංඡනයක් හෝ පුද්ගලයෙකුගේ අංකා ඇතුළත් මුව ආවරණ පැළඳ රාජ්‍ය නිලධාරින් ඉදිරියේ හැසිරීම රාජ්‍ය නිලධාරියාට අනියමින් බලපෑමක් කිරීමක් වන බව ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස