ආණ්ඩුව පෙරළා දමන්නට දැනටමත් දැල එලා අවසන් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. එහෙත් දැල එලා තිබුණද දැල අදින්නේ අවශ්‍ය වෙලාවට බව ද කිරිඇල්ල සඳහන් කරයි.
“අපි දැන්ම දැල අදින්නේ නැහැ.සමහර විට දැල අදින්න කලින් මේ පිරිසට ආණ්ඩුව දාලා යන්න සිදුවේවි. ඇත්ත වශයෙන්ම අද ආණ්ඩුව රට පාලනය අතහැරලා දාල තියෙන්නේ.”
සමගි ජන බලවේගයේ කඩුගන්නාව ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට එක්වෙමින් ඊයේ (25) ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව සඳහන් කළේය.