රිෂාඩ්, රියාද් බදියුදීන් අයියමලෝට ඇප නෑ…! දින 90ක් CIDයේ රඳවා ගෙන ප්‍රශ්න කෙරේ….!

April 25, 2021 at 4:01 pm | by emanisa.lk

අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ සොහොයුරා දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඊයේ (24) දිනයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන බවද සඳහන් ය.

මොවුන් අත්අඩංගුවට ගෙන තිබුනේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ඝාතකයින්ට ආධාර අනුබල දීම සහ සබඳතා පවැත්වීම යන චෝදනා යටතේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *