වනජීවී ක්ෂේත්‍රයට මේ රටේ සියලු දෙනාට පෙර සම්බන්ධ වූයේ තමන් බව සජිත් ප්‍රේමදාස පවසයි.
සිය පියාණන් විසින් කොස්ගස්මංකඩට තමා රැගෙන ගියේ ඉපදී මාස 06න් බව ද හෙතෙම හෙළි කළේය. එතැන් පටන් වසකරට තෙවරක් තමන් කැලයට ගෙන ගොස් පරිසරයේ සතා සීපාවාගේ වැදගත්කම පිළිබඳ උතුම් දායාදය දිවංගත පියාණන් තමන්ට ලබා දුන් බව ද හෙතෙම සඳහන් කරයි.
පරිසරය පිළිබඳ ලෝක අවධානය යොමු වූයේ 1972 ස්ටොක්හෝම් සමුළුවට පසු බවත් දිවංගත පියාණන් විසින් තමා ඒ වෙත ඊටත් පෙර බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා පරිසර සංරක්ෂණය තම ජානවල ලේ මස් නහරවල ඇට මිදුළුවල ඇති බව නොබියව ප්‍රකාශ කරන බව ද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ය.