මෙරට තුළ හොංකොං වැනි වෙනම පාලන ඒකකයක් ඇති වීමට ඉඩ දිය නොහැකි බව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක පවසයි.
කුමන ආයෝජකයෙකු මෙරටට පැමිණිය ද මෙරට නීතිය ඒ සෑම අයෙකුටම මෙන්ම සෑම තැනකටද ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු සදහන් කරයි.
මෙම කටයුතු සිදු කරනු ලබන්නේ ජනතා සුභ සිද්ධිය සදහා නම් ඒ හරහා මෙරට ඉදිරි ගමනට විශාල ශක්තියක් ලැබිය යුතු බවද ඔහු කියා සිටී.
අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය ගැන මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.