මීරිගම, බෝතලේ, දඹගොල්ල, හොරකැළේ වනාන්තරයේ ගස් කපා විනාශ කිරීම සම්බන්ධයෙන් ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක වරදක් කර නොමැති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ දේවානි ජයතිලකගේ අනුදැනුම ඇතිව මෙම වනාන්තරය විනාශ කළ බව පසුගියදා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමසීමක දී මේ බව ප්‍රකාශ කර තිබේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගස් ඉවත් කළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තෝරාගත් ඇතැම් වනාන්තරවල ගස් කපා ප්‍රයෝජනයට ගන්නා බවත් එම දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත එදිරිසිංහ පවසයි.
එලෙස කපා ඉවත් කරන වනාන්තරවල නැවැත වන වගාව සිදුකරන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
කෙසේ වුවද එලෙස කපා කළ ඉවත් කළ අක්කර 23ක් වන වනාන්තරය නැවත වගා කිරීම සඳහා පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ කටයුතු කර නොතිබිණි. ගම්පහ වනගහනය බෙහෙවින් අඩු වී ඇති බවත් ගම්පහ ජනතාව හුස්ම ගන්නේ ණයට බවත් දේවානි ජයතිලක පසුගියදා ප්‍රකාශ කර තිබිණි.