දේවානි ජයතිලකගේ රැකියාව අනතුරේ….! රස්සාව නැති වුණොත් පඩි දෙන්න ජවිපෙ සූදානම්….!

February 14, 2021 at 12:13 am | by emanisa.lk

ගම්පහ අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලකේ රැකියාව අහිමි වුවහොත් ඇගේ වැටුප ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇතැයි දැන ගන්නට තිබේ.

රාජ්‍ය නිලධාරිනියක ලෙස එහි නීති රීති අනුව ඉහළ නිලධාරීන්ගේ උපදෙස් නොගෙන මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම, තමන්ට අයත් නොවන කටයුතු සඳහා මැදිහත් වීම ඇතුළු බරපතළ චෝදනා ගණනාවක් දේවානි ජයතිලක වෙත එල්ල වී තිබේ.

මෙම චෝදනා සනාථ වුවහොත් දේවානිට රැකියාව අහිමි වීම අනිවාර්ය බව ජවිපෙ අභ්‍යන්තර සාකච්ඡාවල දී සංවාදයට ලක්ව ඇති අතර අනතුරුව මෙම තීන්දුව ගෙන තිබේ.

යහපාලන ආණ්ඩුව පරාජයට පත්වීමෙන් පසු ප්‍රබල පරිසර ක්‍රියාකාරිනියක ලෙස මතු වූ දේවානි ජයතිලක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි.

ඈ විශ්වවිද්‍යාල සමයෙහි ජවිපෙට අනුබද්ධිත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ලයෙහි ප්‍රබල ක්‍රියාකාරිනියක බවත් ඇගේ සැමියා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ අයෙකු බවත් සමාජමාධ්‍යවල සඳහන්ව ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *