දේවානිගේ අඩවියේ මහ වනයක් කපා ලී ඇදල….! දැන් ගමට වතුරත් නෑ…! දේවානි සද්ද නැතිව ඉඳල…!

April 4, 2021 at 11:24 pm | by emanisa.lk

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ගම්පහ මීරිගම, බෝතලේ දඹුගොල්ල හොරකැලේ වනාන්තරය විනාශ කරන කාලයේ ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක ඊට ආශීර්වාද කළ බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

අකේෂියා කපා ඉවත් කරන බව පවසමින් අක්කර 23ක් පුරා පැතිර තිබූ වනාන්තරයේ දැවැන්ත ගස් කපා විශාල ලොරි මගින් ප්‍රවාහනය කළ බව ජනතාව කියති.

දේවානි ජයතිලක මෙම ස්ථානයට තුන් වරක් පැමිණ වනාන්තර විනාශයට ආධාර අනුබල දුන් බවට සහ එය සිනාසෙමින් ඉවසුවා මිස කිසිදු විරෝධයක් නොදැක්වූ බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

එපමණක් නොව එම කැලය කපා දැමූ පසු වගා කටයුතු කරන ලෙස දේවානි ජයතිලක තමන්ට ප්‍රකාශ කළ බවත් ජනතාව පෙන්වා දෙති.

https://www.facebook.com/watch/?v=1182727085479804

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස