රාජ්‍ය ආයතනවලට පත්කළ විද්වතුන්ගෙන් කිසි වැඩක් නෑ….! පොතේ විද්වතුන් නිසා ආණ්ඩුව අපකීර්තියට පත්වෙලා…! – ආණ්ඩුවෙන් ම චෝදනා….

March 27, 2021 at 7:49 am | by emanisa.lk

වත්මන් රජය යටතේ ඇතැම් රාජ්‍ය ආයතන පාලනයට පත් කළ විද්වතුන් හා වෘත්තීයවේදීන්ගෙන් අපේක්ෂිත සේවාව සිදුනොවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති.

ඔවුන් මෙම චෝදනාව කළේ පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ වැලිපාර්ක්හිදී පවත්වන ලද පොහොට්ටුවේ වෘත්තීය සංවිධාන නිලධාරීන්ගේ හමුවේදීය.

මේ අවස්ථාවට මෙරට නීතිඥ, ඉංජිනේරු, රූපලාවන්‍ය, පෞද්ගලික බස් ආදී ක්ෂේත්‍රවල සිට ශාන්තිකර්ම කරන සම්ප්‍රදායික ශිල්පීන්ගේ සංවිධානද ඇතුළත්ය.

මෙම හමුව නුගේගොඩ වැලිපාර්හිදී පවත්වන ලද්දේ රජය විසින් සිදුකරන ලද පාරිසරික සංවර්ධන ප්‍රයත්නය ගැන වෘත්තීයවේදීන් දැනුම්වත් කිරීමේ අරමුණිනි.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ වෘත්තීයවේදීන් ගණනාවක්ම පෙන්වා දුන්නේ ඇතැම් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ලෙස පත් කරන ලද වියතුන් අතින් වැඩ අවුල් වන අවස්ථා ද ඇති බවයි. මෙම විද්වතුන් උසස් අධ්‍යාපන සුදුසුකම් සහිත විද්වතුන් වුවද ඔවුන් දේශපාලනයට සංවේදීව බුද්ධිමත් ලෙස කටයුතු නොකිරීම නිසා බරපතළ ප්‍රශ්න හටගත් බවද ඔවුහු කීහ.

deshaya

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස