රජයේ සමහර මැති ඇමැතිවරුන් දුරදිග නොබලා සිදුකරන ප්‍රකාශ නිසා මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට සහාය පළ කරන ඇතැම් රටවල සහාය නොලැබී යා හැකියි ජිනීවාහි සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී.ඒ. චන්ද්‍රප්‍රේම රජයට දැනුම් දී ඇත.
බුර්කා නිකාබ් ඇඳුම් තහනම් කිරීම වැනි ක්‍රියා මේ මොහොතේ නුසුදුසු බව ද ඔහු විශේෂයෙන් පෙන්වා දී තිබේ.
ජිනීවා කොමිසමේ දී ශ්‍රී ලංකාවට සහාය පළ කරන රටවලින් අඩක්ම මුස්ලිම් රටවල් බැවින් ඒ ගැන සැලකිලිමත් වන ලෙස ද ඔහු රජයට දන්වා ඇත.