අසාද් සාලි බේරගන්න තානාපති මෙහෙයුමක්…! ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටත් පැමිණිලි….!

March 19, 2021 at 8:57 am | by emanisa.lk

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා විදේශ තානාපති කාර්යාල බලධාරීන් කීපදෙනකු දැඩි උත්සාහයක නිරත වීමේ සිද්ධියක් අනාවරණය වී ඇත.

එහෙත් නීතිපතිවරයාගේ නියෝගය නිසා එම උත්සාහය ව්‍යර්ථ වී තිබේ.

අසාද් සාලි අත්අඩංගුවට ගැනීමට යන බව වාර්තා වීමත් සමගම එම විදේශ තානාපති කාර්යාල බලධාරීන් විසින් රජයේ ඉහල පෙළේ බලධාරීන්ගේ අවධානය යොමු කර ඇත.

මේ අතර මෙරට මුස්ලිම් දේශපාලකයන් කොළඹ ඉස්ලාමීය තානාපති කාර්යාල 6 ක් සමග දැඩි සබඳකම් පවත්වන බව බුද්ධි අංශ විසින් සොයා ගෙන තිබේ.

අසාද් සාලි අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ද පැමිණිලි යොමු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *