බන්ධනාගාර බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර භූමියේ සඟවා තිබිය දී ජංගම දුරකතනයක් සොයාගෙන තිබේ.
බන්ධනාගාර බුද්ධි ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එම බන්ධනාගාරයේ “Y විශේෂ අංශය” හා එම අංශය අවට පෙ.ව. 11.40 ට පමණ සෝදිසි කර ඇති අතර එහි දී වළ දමා තිබූ එමි අංකය මකා දැමූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනයක් සොයාගෙන තිබුණි.
මෙම Y අංශය තුළ රංජන් රාමනායක ඇතුළු තවත් සිරකරුවන් පිරිසක් රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක අනාවරණය කළේ ය.
මෙම දුරකතනය ඔහුට ලබාදීමට රැගෙන ආ දුරකතනයක් දැයි සැක සහිත බවත් ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බවද ඔහු පැවසීය.