සියලු දෙනා රජය විසින් සම්මත කර ඇති නීති පිළිපැදිය යුතු බවත්, කිසිවෙකුටත් රටේ නීතිය ප්‍රතික්ෂේප කර ඔවුන්ට ඕනෑ පරිදි ඔවුන්ගේ නීති අනුව ක්‍රියාත්මක විය නොහැකි බවත් ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි. එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කරයි.
අද (14) කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය සිදුකළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ ය.
යම් පුද්ගලයෙක් රටේ නීතිය ප්‍රතික්ෂේප කර ඔවුන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට උත්සාහ දරන්නේ නම් එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. රටේ නීතිය කඩකිරීමට හෝ නීතිය කඩකිරීම සඳහා එක් එක් ජන කණ්ඩායම් පෙළඹවීමට කිසිවෙකුටත් අවස්ථාවක් ලබා නොදෙන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
අන්තවාදී අදහස් ඇතුළත් පොත්පත් හඳුනා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය හරහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත්, මේ වන විටත් එවැනි පොත්පත් සහ එම පොත්පත් ආනයනය කළ පුද්ගලයන් පිළිබඳව හඳුනාගෙන ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා අනාවරණය කළේ ය.
පාසල් විෂය නිර්දේශයට අදාළ ඇතැම් පොත්වල පවා අන්තවාදී ඉගැන්වීම් ඇතුළත් වී ඇති බව හෙළි වී ඇති බවත් ඒ සඳහා අනුමැතිය ලබා දුන්නේ කවුද යන්න පිළිබඳව මේ දිනවල විමර්ශනය කරමින් සිටින බවත කමල් ගුණරත්න සඳහන් කළේ ය.