නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සතුව ඇති ජනක යන්ත්‍ර 03න් මෙගාවොට් 900ක් නිකුත්වන බව සඳහන් වුවත් නිවැරදි නොවන බව වාර්තා වෙයි.
එම එක් යන්ත්‍රයකින් නිකුත් වන්නේ මෙගාවොට් 270ක් පමණක් බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව බලශක්ති අමාත්‍යාංශයට නිර්දේශ කර තිබේ.
ඒ අනුව ඉන් ජනනය වන මෙගාවොට් ගණන 810කි.
නව වැනි පාර්ලිමේන්තුවේ පළමු වැනි සැසිවාරය සඳහා වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( කෝප් ) පළමු වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.