ජනපතිට ජාතික ආරක්ෂාවට සැලසුමක් නෑ…! රට අනතුරේ…! – ෆීල්ඩ් මාර්ෂල්..

February 28, 2021 at 8:55 pm | by emanisa.lk

ජාතික ආරක්ෂක සහ අනාගත කළාපීය අභියෝගයන් පිළිබඳ සරත් ෆොන්සේකා සිය නිල ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් පහත දැක්වෙයි.

කළාපීය තත්ත්වයන් හමුවේ නව ජාතික ආරක්ෂක හා බුද්ධි පණතකින් සවිමත්වන ජාතික ආරක්ෂක සැලැස්මකින් තොරව අඳුරේ යන ජනාධිපතිගේ වැඩපිළිවෙළ රටට අනතුරුදායකයි!

පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිෂන් වාර්තාව මගින් ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න නිශ්චිතවම දක්වා නැති මොහොතක, යළිත් වෙනත් ස්වරූපයකින් එවැනි ම ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවුවහොත් එය වළක්වා නොගැනීමේ වගකීමෙන් සිරිසේන ජනාධිපතිවරයා මෙන් කර ඇරීමට ඕනෑම ජනාධිපතිවරයෙකුට අවස්ථාව උදා වනු ඇත.

ඒ නිසා කලාපීය වශයෙන් මතුවෙමින් ඇති තත්ත්වයන් හා අන්තවාදී කණ්ඩායම්වල ප්‍රචණ්ඩකාරී හා ජාලගත ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සලකා බැලීමේදී, පවතින යල් පැනගිය බුද්ධි සම්බන්ධීකරණ හා හදිසි ආරක්ෂක සැලසුම් හා ක්‍රමවේද යාවත්කාලින නොකිරීම තුල රටේ හා ජනතාවගේ ආරක්ෂව ගැන පැහැදිලි තක්සේරුවක් නොමැති බව ජනාධිපතිගේ හා ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශවලින්ද ගම්‍යවේ.

මේ අනුව ඉදිරියේදී රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම හා වගවීම පිළිබඳ කඹ ඇදිල්ල නවතා දැමීමට නම් අවශ්‍ය වන්නේ නව ජාතික ආරක්ෂක හා බුද්ධි පණතකින් සවිමත්වන ජාතික ආරක්ෂක සැලැස්මකින් යුතු වැඩපිළිවෙලකි.

ඒ සඳහා කළ යුත්තේ National Bureau of Strategic Intelligence හා National Intelligence Command Center වැනි අලුත් ආයතන පද්ධතියකින් වගකීම් පැවරෙන නවීන බුද්ධි විශ්ලේෂණ ක්‍රමවේද මත ත්‍රිවිධ හමුදාවේ බුද්ධි ඒකක හා රාජ්‍ය බුද්ධි සේවය අන්තර්ග්‍රහණය කෙරෙන, එම නිළධාරීන්ට නවීන උපායමාර්ගික පුහුණු වැඩසටහන් මගින් නිවැරදි හා කාලනුරූපීව ශක්තිමත් ආරක්ෂක යාන්ත්‍රණයක් සකස් කිරීමයි

– ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා –

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස