ජාත්‍යන්තරේට ඕනත් රාජපක්ෂ පවුල කඩන්න….! ඕනවට වඩා වේගෙන් දුවන්න ගිහින් ආණ්ඩුව විනාශ කරන්න එපා…! – ජොන්ස්ටන්…

February 13, 2021 at 5:39 pm | by emanisa.lk

සියල්ල පිළිබඳ මාධ්‍ය ඉදිරියෙහි කයිය ගැසීමට ගොස් කිසිවෙකු සිය දේශපාලන අනාගතය විනාශ කර නොගෙන සිටීමට වගබලා ගත යුතු බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

‘කිසිම රාජපක්ෂ කෙනෙකුට ගහන්ඩ අපේ පක්ෂේ ඉඩ නෑ කියන එක මතක තියාගන්න ඕනා. අයියට පංගුවක් කැමතියි. මල්ලිට අකමැතියි. මල්ලිට කැමති අය අයියට අකමැති. මේ පවුලක් කඩන්න හදන්නේ. මේක මොන විහිලුවක් ද.

ජාත්‍යන්තරයටත් ඕනෙත් ඒක. ප්‍රේමදාසට ඕනෙත් ඒක. දිසානායකට ඕනෙත් ඒක. සුමන්දිරන්ලටත් ඕනේ ඒක. කොටියට ඕනෙත් ඒක. මේක කරන්න ඉඩ දෙන්න බැහැ. ඒව නොදැන් දේශපාලනය කරන්නත් අපි හොඳ නැහැ.

කී දෙනෙක් හිරේ දැම්මා ද? විමල් වීරවංශව හිරේ දැම්මා. උදය ගම්මන්පිල ව හිරේ දැම්මා. ඒවා අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. ඒ අයටත් මම කියනවා මේවා කවදාවත් අමතක කරන්න එපා කියලා. පරිස්සමින් අපි මේ ආණ්ඩුව කරගෙන යමු. ඕනාවට වැඩියෙන් දුවන්න ගිහිල්ලා මේ ආණ්ඩුව විනාශ කර ගන්නේ නැතුව.

මතක තියාගන්න හතුර හතුරාමයි. කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. ඒවා අපි කවුරු කවුරුත් මතක තියා ගන්න ඕනා. හැමදේම මාධ්‍ය ඉදිරියේ කයිය ගහලා කිසිම කෙනෙක් අනාගතය විනාශ කර ගන්න හොඳ නැහැ. ඒක තමයි විය යුත්තේ. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒක මේ හැම කෙනෙක්ම මතකේ තියාගන්න ඕනා.’

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කුරුණෑගල ප්‍රදේශයේ පැවති වැඩසටහනක දී මෙසේ ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස