මහින්ද අයින් කරන විමල්ගේ කතාවට ඇල්ලේ හිමිගෙන් දැඩි ප්‍රතිචාරයක්…! පොහොට්ටුව හැදුවේ බැසිල් බවත් කියයි….! විමල්ලා තොරණෙන් එළිය ලබමින් තොරණට ගල් ගසන බවටත් චෝදනා….!

February 9, 2021 at 5:29 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කිරීමට ලෙඩ දුක්වලට මුහුණ දෙමින් හිරේ විලංගුවේ වැටෙමින් ඒ සියල්ල නොතකමින් කටයුතු කළේ බැසිල් රාජපක්ෂ බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි. එම තොරණෙහි ආලෝකය ලබන පිරිස තොරණට ගල් ගැසීම වැරදි බවත් උන් වහන්සේ සඳහන් කළහ.

දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ මහා සංඝ රත්නය ඇසුරු කරමින් සිවුරේ සුවඳ දැනගෙන කටයුතු කළ දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ බව ද එහිමියන් පෙන්වා දෙති.

මහින්ද රාජපක්ෂ පොදුජන පෙරමුණු පක්ෂ නායකත්වයෙන් එක එක්කෙනාට උවමනා විදිහට ඉවත් කළ නොහැකි බවත් එසේ වන්නේ නම් තමන් ද ඉදිරියට පැමිණෙන බවත් ඇල්ලේ හිමි අනතුරු ඇඟවූයේ ය.

මේ රටේ ම පරමාදර්ශී දේශපාලන චරිතය මහින්ද රාජපක්ෂ බවත් ඔහු තනතුරුවලින් ඉවත් කිරීමට කිසිවෙකුට නොහැකි බවත් එය ගෙදර තාත්තා ඉවත් කිරීමට කතා කිරීම වැනි බවත් එහිමියන් අවධාරණය කළහ.

මෙය මහා නායක හාමුදුරුවන් ඉවත් කිරීමට පොඩි හාමුදුරුවන් කතා කිරීම වැනි බවත් මෙවැනි බොළඳ දේශපාලනයකට මේ රට නැවත ගෙන යා යුතු නැති බවත් උන් වහන්සේ සඳහන් කළහ.

මේ රටේ හදගැස්ම හඳුනන එකම නායකයා මහින්ද බවත් ඔහු නැති දවසක රට ම අනාථ වේය යන බිය තමනට් ඇති බවත් ඇල්ලේ හිමි පැවසී ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස