ලංකා තීන්දුව ඉදිරියේ ඉන්දියාව පසුබසී….! බටහිර ජැටියට ඉන්දියාව කැමති වෙයි….!

February 13, 2021 at 8:13 am | by emanisa.lk

කොළඹ වරායේ බටහිර ජැටිය ඉදිකොට සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය නිල වශයෙන් සිය කැමැත්ත ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග අනාවරණය කරයි. ශ්‍රී ලංකාවට මෙම පණිවුඩය ඉන්දීය රජය වෙනුවෙන් ලබා දී ඇත්තේ එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් විසින් බව තානාපති අංශ වැඩිදුරටත් පවසයි.

බටහිර ජැටිය ලබාදීමට තමන්ගේ විරෝධයක් නැතැයි වරාය වෘත්තීය සංගම් මෙන්ම නැගෙනහිර ජැටිය රැකගන්නට සටන් කළ පිරිස් ද මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. රජය ද බටහිර ජැටිය ඉදිකොට වසර 35කට පසු නැවත රජයට පවරා දීමේ (BOT) ගිවිසුමකට එළැඹීමට අවසරය ලබා දී තිබිණි.

ඉන්දියාව බටහිර ජැටිය සංවර්ධනය කොට පවත්වාගෙන යාමට එකඟ වී ඇත්තේ ඔවුන් ඉල්ලා සිටි නැගෙනහිර ජැටියට විකල්ප වශයෙනි. මෙවැනි තත්ත්වයක් මතු වීමට මූලික හේතුව පහුගිය යහපාලන රජය විසින් චීනයට හම්බන්තොට වරාය ලබා දීම ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *