අගමැති කිව්වට භූමදානය බෑ…..! තාක්ෂණික කමිටුවේ අනුමැතිය ඕන…! – කොවීඩ් පාලන ඇමැතිනි…

February 12, 2021 at 12:14 am | by emanisa.lk

කොවිඩ් ආසාදනයෙන් මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීමට අවසර දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ ද ඊට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවෙන් අනුමැතිය ලැබෙනතුරු ඊට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කළ නොහැකි බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

ඇමැතිවරිය මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

ප්‍රශ්නය – අපේ අගමැතිතුමා භූමදානය අවසර ලබාදෙනවා කියලා ඊයෙ කිව්වා, මේ විෂය බාර ඇමතිතුමියගෙන් මං අහන්න කැමතියි කවදාද මේ පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරන්නෙ කියලා.

පිළිතුර – මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙ තීන්දු තීරණ ගන්නෙ අපි පුද්ගලිකව නෙවෙයි, තාක්ෂණික කමිටුවක් හරහා. ඒ නිසා තාක්ෂණික කමිටුවට මේ යෝජනාව ඉදිරිපත් කරලා ඒ තාක්ෂණික කමිටුවේ එකඟතාව මත තමයි අපට කටයුතු කරන්න සිද්ධ වෙන්නෙ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස