ව්‍යවස්ථා සංශෝධනයට පසු සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මාස දෙකක් දෙකහමාරක් ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පවසයි.
වර්තමාන මැතිවරණ ක්‍රමය යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා බාධා වන දෝෂ ඇති බවත් ඒවා නිවැරදි කළ යුතු බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.
රටේ අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන වෛද්‍යවරුන්, හෙදියන්ට මෙන් ම ජනමාධ්‍යවේදීන්ට පවා ඡන්දය භාවිතයට ඉඩ නොලැබෙන බවත් ඔවුන්ට තැපැල් ඡන්ද අයිතිය පවා නොමැති බවත් ඔහු සඳහන් කරයි.
එවැනි කණ්ඩායම් සඳහා පූර්ව ඡන්ද ප්‍රකාශන ක්‍රමයක් හඳුන්වා දී ඔවුන්ගේ ඡන්ද අයිතිය රැකදිය යුතු බවත් නිමල් පුංචිහේවා අවධාරණය කරයි.
එසේ ම නාස්තිකාර මැතිවරණ වියදම් පාලනයට ක්‍රමවේදයක් සකස් කිරීමට මේ වන විට සාකච්ඡා වන බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
කෙසේ වුව ද සුදු අලියෙකු බවට පත්ව ඇති පළාත් සභා තව දුරටත් වලංගු නොවන බවටත් මැතිවරණ නොපවත්වා ඒවා ඉබේ ම අහෝසි වන තැනට උපක්‍රමිකව කටයුතු කළ යුතු බවටත් රටේ ජනතාව අතර දැඩි මතයක් තිබේ