බොරුවට දේශීයත්වය ගැන කතා කිරීමෙන් රටක් දියුණු කළ නොහැකි බවත් ලෝකයෙන් දේවල් ලබා ගැනීමෙන් පමණක් රටකට දියුණු වීමට නොහැකි බවත් ඒ සඳහා ගනු-දෙනු දෙකම සිදුවිය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා පවසයි.
“ඉන්දියාවෙන් නැගෙනහිර ජැටිය ඉල්ලුවා ම මම නම් කිව්වා අපි ඉන්දියාවට මේක දුන්නොත් හොඳයි කියන එක. සමහර සුළු පක්ෂ, සමහර වෘත්තීය සමිති මේකට විරුද්ධ වුණා. මේ රටේ සම්පත් ආයෝජනය සඳහාවත් දෙන්න එපා කියලා.
බොරුවට ජාතිය ගැන කතා කරලා, බොරුවට දේශීයත්වය ගැන කතා කරලා රටක් දියුණු කරන්න බෑ. අවුරුදු 73ක් වෙනවා නිදහස ලබල. යුද්දේ වෙලාවෙ ඇමරිකාවෙන් උදව් ගත්තා, ඉන්දියාවෙන් උදව් ගත්තා, ජපානෙන් උදව් ගත්තා.
දැන් ඉන්දියාවෙන් එන්නත් ටික ගෙන්නා ගන්නවා නොමිලේ. දෙන ඒවා ගන්නවා, ලෝකෙන් ම දෙන ඒවා ගන්නවා. හැබැයි මෙහෙන් මොකුත් දෙන්න බෑ. පුදුම රටක් මේක. ගනු-දෙනු දෙක ම තියෙන්න ඕනෙ රටක් දියුණු වෙන්න. ලෝකෙ එහෙම තමයි. ජාතිකත්වය කියලා බොරු වචන ටිකක් තියෙන්නෙ.”
අමාත්‍ය නිමල් ලංසා මේ බව පැවසුවේ ඊයේ (07) වත්තල ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බලමණ්ඩල රැස්වීමක් අමතමිනි.