විස්සෙන් මුස්ලිම් කොංග්‍රසය පුපුරයි….! හකීම් වෙල මැද තනි වේ…!

February 7, 2021 at 7:14 am | by emanisa.lk

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මුස්ලිම් කොංග්‍රසය මන්ත්‍රීවරුන් 4 දෙනාට ඔවුන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් වන ලෙස පක්ෂ නායක රවුෆ් හකීම් විසින් දැනුම් දීමත් සමඟ මුස්ලිම් කොංග්‍රස පක්ෂය තුළ අභ්‍යන්තර අර්බුදයක් හටගෙන තිබේ.

පක්ෂ නායකවරයාගේ තීරණයට එකඟ නොවූ මන්ත්‍රීවරුන් එම තීරණයට එරෙහිව පියවර ගැනීමට සැරසෙන බව ද එම පක්ෂ ආරංචි මාර්ග කියයි.

මුස්ලිම් කොංග්‍රසයේ මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 05කි. එයින් හතර දෙනෙක්ම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *