මෙවර නිදහස් උළෙලේ ශ්‍රී ලංකා තායේ නෑ…! ජාතික ගීය සිංහල බසින් පමණයි…!

February 1, 2021 at 5:25 pm | by emanisa.lk

මෙවර නිදහස් දින සැමරුම වෙනුවෙන් සුපුරුදු ලෙස ජාතික ගීය ගායනා කරන්නේ සිංහල භාෂාවෙන් පමණක් බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසයි.

ජාතික නිදහස් දිනය මෙවර සැමරෙනුයේ 73 වැනි වරට ය. එය කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

ජාතික නිදහස් දින සැමරුම සඳහා ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ඇරඹියේ 2015 වසරේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ යහපාලන කඳවුර බලයට පත්වීමෙන් පසුව ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස