රනිල් හම්බන්තොට වරාය විකිණීමට විරුද්ධව සජිත් ජනාධිපතිවරණයට තරඟ කළා…! – හිටපු එජාප මන්ත්‍රී බණ්ඩාරිගොඩ…

January 29, 2021 at 11:02 am | by emanisa.lk

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය විකුණා දැමීමට හෝ බදු දීමට තමන් විරුද්ධ බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමඟි ජනබලවේග අපේක්ෂක බන්දුලලාල් බණ්ඩාරිගොඩ පවසයි.

මේ රටේ සම්පත් විකුණා දැමීම ආරම්භ කළේ පසුගිය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප ආණ්ඩුව බව ද හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ ගත් ඇතැම් තීන්දුවලට තමන් විරුද්ධ බවත් ඔහු සමග ගැටුමත් ඇති වූයෙත් එජාපයෙන් එළියට බැසීමට සිදු වූයෙත් ඒ නිසා බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි.

කොරෝනා වසංගතය ඉදිරියේ රට අනාරක්ෂිත වී ඇති බවත් අලි කළමනාකරණ රක්ෂිතයට ගැසට්ටුව ගසා ගැනීමට මේ ආණ්ඩුවට නොහැකි වී ඇති බවත් සඳහන් කළ හිටපු එජාප මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේ මේ සියලු අසාර්ථකත්වයන් වසා ගැනීමට යොදා ගන්නා පළිහ නැඟෙනහිර ජැටිය ද යන සැකය තමන්ට ඇතැයි ද ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *