අපේ පක්ෂයේ මන්ත්‍රීලා ටික ආණ්ඩුවට යන්න හදනවා…! දෙමළ ජනතාව සැමදා මා සමග බව නම් විශ්වාසයි…! – මනෝ…

January 26, 2021 at 1:00 pm | by emanisa.lk

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මිලට ගැනීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව එම සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් චෝදනා කරයි.

තම පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කරන කිසිවකුට හෝ සමාව නොදෙන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

දෙමළ ජනතාව මෙම තත්ත්වය තේරුම් ගනු ඇතැයි විශ්වාස කරන බව කී ඔහු තව දුරටත් තමන්ට සහයෝගය ලබා දෙන්නැයි විදෙස්ගතව ජීවත් වන දෙමළ ජනතාව ඉල්ලා සිටින බව ද පැවසී ය.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හය දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරති.

එම පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩුවට එක්වන්නේ දැයි මාධ්‍ය විසින් කළ විමසීමේ දී ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස