මහා මැතිවරණයෙන් පරාජිත එජාප නායක රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිිමේන්තුවට පැමිණීමට උත්සාහ කිරීම නීති විරෝධී බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසයි.
ඔහු ඒ පිළිබඳ තබා ඇති ෆේස්බුක් සටහනක් මෙසේ ය.
“රටේ ජනතාව පෙනී සිටිය යුත්තේ ගඳ ගසන දේශපාලන පක්ෂ ආරක්ෂා කිරීම සඳහා නොව තම පරම අධිකාරී බලය ආරක්ෂා කිරීම වෙනුවෙන් පමණි.
රටක නීතියක් සදාචාරයක් තිබිය යුතුය. දේශපාලන අධිකාරිය ජනතාව පමණක් සතුවන, කිසිවකුට උදුරාගත නොහැකි ජනතාවගේ පරම අධිකාරී බලයට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීමට නීතියෙන් බැඳී සිටියි. 2015 දී රාජපක්ෂ හොර රැළට දඬුවම් කරන්න බලය ලබාගැන ගෙන එම හොරුන් ආරක්ෂා කල රනිල් වික්‍රමසිංහ ජනතාව 2020 දී නෙරපා දැම්මේය.
2015 දී කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව එජාපයට මනාපය පලකලේ චන්ද 640,743 ක් ප්‍රකාශ කරමිනි. ජනතාවට පොරොන්දු දෙමින් රාජපක්ෂ රෙජීමය ආරක්ෂා කල රනිල් වික්‍රමසිංහ 2020 දී ජනතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කලේ මුළු චන්ද සඛ්‍යාව 37,875 ක් වැනි අඩු අමනාපයක් පල කරමිනි. එසේ නෙරපා හරින ලද අයකුට මුළු ශ්‍රී ලංකාවෙන්ම ලැබුණු සමස්ත ඡන්ද ප්‍රතිශතය මත ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පර්ලිමෙන්තුවට පැමිණීමට සදාචාරාත්මක අයිතියයක් කොහෙත්ම නැත. එසේම එය සම්පුර්ණයෙන්ම නීති විරෝධී වන්නේය.
මොහු ජාතික ලැයිස්තුවෙන් පැමිණීම සජිත්ට හෝ අනුර කුමාරට අභියෝග කල නොහැක. ඔවුන්ද 2015 දී ජනතාව සතු කිසිවකුට උදුරාගත නොහැකි ජනතාවගේ පරම අධිකාරී බලය සෘජුවම උල්ලංඝණය කරමින් ජනතාව නෙරපන ලද අපේක්ෂකයෝ ජාතික ලැයිස්තුවෙන් පත්කළ හෙයිනි. ජනතාව සතු පරමධිකාරී බලය කෙළෙසමින් අනුර කුමාර ජනතාව විසින් නෙරපන ලද දෙදෙනෙක්ම (බිමල් රත්නායක සහ සුනිල් හඳුන්නෙත්ති) ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ පස්ස දොරෙන් ඇතුල් කරමින් තම පක්ෂය සහ ප්‍රධාන පක්ෂ දෙක අතර කිසිම වෙනසක් නැති බව රටට මැනවින් ඔප්පු කළේය.
මේ වනවිට මේ රටේ නීතිය කරන කිසිවකු නැත. දේශපාලන අධිකාරිය කුණු කෑමට දක්වන දැඩි කැමැත්ත ඊට හේතුවයි. ප්‍රධාන පක්ෂ දෙක හා 3% කට්ටිය අතර කිසිම වෙනසක් නැත.
යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තුවෙන් පක්ෂයට ලැබුණු මන්ත්‍රී ධුරය අවභාවිතා කරමින් පාර්ලිමේන්තුවේ පස්ස දොරෙන් රිංගීමට උත්සාහ කළහොත් මේ රටේ නීතියේ ආධිපත්‍ය ගරු කරන තම පරම අධිකාරී බලය පාවාදීම ප්‍රතික්ෂේප කරන සියලුම පුරවැසියන් එයට එරෙහිව සෘජුවම නැගී සිටිය යුතුය.
ඊට එරෙහිව තම විරෝධය පෑම පමණක් නොව එය අධිකරණයේ අභියෝග කල යුතුමය. එම වගකීම ඔබ වෙනුවෙන් නාගානන්ද නිශ්චිතවම ඉටු කරනු ඇත. එම අවස්ථාවේදී දේශපාලන පක්ෂවල වහලුන් වී දේශපාලන පක්ෂවල නායකයින් හමුවේ දනින් වැටීම ප්‍රතික්ෂේප කරන සියලුම නැණවත් පුරවැසියන් රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහා කිසිවකුට උදුරාගත නොහැකි ජනතාව සතු පරම අධිකාරී බලය ආරක්ෂා කරගැනීම සඳහා (චන්ද බලය යනු ජනතා පරමාධිපත්‍ය බලයේ වැදගත්ම අංගයයි [ව්‍යවස්ථාව 4 (ඉ ) ව්‍යවස්ථාව] නාගානන්ද සමග නැගී සිටිනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි.”