එජාපයෙන් කැපුන රවී, කරූගේ සාධාරණ සමාජෙ ගොඩදාන්න සූදානම්…! නවීන් බෑනා සමග අර්ජුන් සහ ලක්ෂ්මන් හයියට….!

January 17, 2021 at 9:36 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ උප නායක ධුරයෙන් ඉවත් කළ රවි කරුණානායක ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් තිදෙනකු හිටපු කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සමග සම්බන්ධ වී පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට තීරණය කර ඇත.

රවි කරුණානායක සමග එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති අර්ජුන රණතුංග, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න ද මීට එක්ව සිටිති.

මෙම පුළුල් දේශපාලන ව්‍යාපාරය පිළිබඳව මෙම පිරිස සහ හිටපු කථානායක කරු ජයසූරිය අතර විශේෂ සාකච්ඡාවක් අද (17) පැවැත්වීමට නියමිතය. ඉන් පසු මාධ්‍යවේදීන් කැඳවා නව දේශපාලන ව්‍යාපාරය පිළිබඳව ලබන 26 වැනිදා කරුණු ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

දැනට රජය විවේචනය කරන ආගමික නායකයන්, සිවිල් ක්‍රියාකාරින්ද මෙම ව්‍යාපාරයට දායක කර ගැනීමට කථිකා කර ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස