අලුත්ගම පොලිස් වසමට අයත් බස්නාහිර පළාත් මායිමේ බෙන්තොට පාලම අසළ දී දකුණු පළාතට ගමන් කරමින් සිටි පුද්ගලයන් 102 දෙනෙකුට අද (14) දහවල් අහඹු ලෙස කළ ක්ෂණික ප්රතිදේහ පරීක්ෂාවෙන් පුද්ගලයන් 6 දෙනෙකු එම ස්ථානයේ දී ම කොවිඩ් -19 ආසාදිත බව හඳුනාගැනුනු බව අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න පැවසීය.
පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා සිදු කළ මෙම පරීක්ෂාවෙන් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ. මොවුන් පයාගල හා ඌරගහ ප්රදේශවල පදිංචිකරුවන් ය. මෙය ප්රතිශතයක් ලෙස ගත් විට 5.88%කි. මේ අනුව බස්නාහිරින් පිටවන සෑම 100 දෙනෙකු අතරින් 6 දෙනෙකු ආසාදිතයෝ ය.