මට පක්ෂ උප-නායකකමින් වැඩක් නෑ…! මන්ත්‍රීකමින් තොර ගමනක් මට නෑ….! – අකිල රනිල්ගේ මුණටම කියයි…

January 14, 2021 at 2:43 pm | by emanisa.lk

අකිල විරාජ් කාරියවසම්ට එක්සත් ජාතික පක්ෂ උප නායකත්වය ලබා දුන්න ද ඔහු ඉන් සෑහීමට පත් නොවී සිටින බවත් දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ඉල්ලා සිටින බවත් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අකිල විරාජ් කාරියවසම් පක්ෂයේ උප නායකත්වයට පත් කළ ඉකුත් 13 වැනි දින පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට පෙර දින පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නිවසේ දී ඔහුගේ සමීපතයින් කිහිප දෙනෙකු සමග විශේෂ සාකච්ඡා පවත්වා තිබේ.

එම සාකච්ඡාවට අකිල ද සහභාගී වී ඇති අතර එහි දී රනිල් ඇතුළු පිරිස අකිලට ප්‍රකාශ කොට ඇත්තේ මන්ත්‍රී ප්‍රශ්නය ගැන කතා කිරීම නවතා රට වටා ගොස් පක්ෂය ප්‍රති-සංවිධානය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කරන ලෙස ය.

එහෙත් තමාට මන්ත්‍රී ධූරයෙන් තොර ඉදිරි දේශපාලන ගමනක් නොමැති බව අකිල දැඩිව විශ්වාස කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වාදෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස