පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දුගේ ආරක්ෂාව වහා ම වැඩි කළ යුතු බව ඇමැති නාමල් රාජපක්ෂ පවසයි.
සමගි ජන බලවේගය ඇතුළත විවිධ ගැටුම් පවතින බව පෙන්වා දෙන ඇමැතිවරයා පවසන්නේ එහි ඇතැම් කණ්ඩායම් විසින් හරීන් ප්රනාන්දුට යම් අනතුරක් කිරීමේ අනතුරක් පවතින බව ය.
එලෙස හරීන් ප්රනාන්දුට යම් අනතුරක් සිදුකර එය ජනාධිපතිවරයා මත පැටවීමේ අවදානමක් ඇති නිසා වහා ම ඔහුගේ ආරක්ෂාව තරකරන ලෙස පොලිස්පතිවරයාගෙන් තමා ඉල්ලා සිටින බව ද ඇමැතිවරයා සඳහන් කළේ ය.