ජනාධිපතිතුමා කීවේ තමන් යහපාලන වගේ දේශපාලන පළිගැනීම් නොකරන බව..! හරීන්ට හරියට ඒකවත් තේරුම් ගන්න බෑ….!

January 11, 2021 at 5:40 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අම්පාර ප්‍රදේශයේ දී ප්‍රකාශ කළේ යහපාලන ආණ්ඩුව මෙන් තමන් දේශපාලන පළිගැනීම් සිදු නොකරන්නේය යන්න බවත් එයවත් තේරුම් ගැනීමට නොහැකි නම් හරීන් ප්‍රනාන්දු දේශපාලනයට නුසුදුසු බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

“ජනාධිපතිතුමාගෙ ප්‍රකාශය තුළ ගැබ්වෙලා තියෙන්නෙ රටට ශාපය වුණේ හරීන් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායම මිසක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු අපේ කණ්ඩායම නෙවෙයි කියන කාරණාව. ඉතිං හරීන් ප්‍රනාන්දු හිතනවා නම් ඒක එයාට තර්ජනයක් කියලා මං හිතන්නෙ හරීන් ප්‍රනාන්දු කොයිතරම් බය ද කියන කාරණාව අපට පේනවා.

මේ බලන්නකො, මේ ඔක්කොම එන්නෙ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කරපු කොමිෂන් සභා වාර්තාව එළිදක්වන මොහොතේ. ඒ හින්දා එළිදක්වන අවස්ථාවෙ දි ඒකට සම්බන්ධ වෙච්ච අය, අනුබල දීපු අය, අදටත් ප්‍රහාරකයින්ගෙ සල්ලිවලින් විපක්ෂය මෙහෙයවන අය අද තැතිගැන්විලා ඉන්නවා ඒගොල්ලන්ගෙන් කාගෙ කාගෙ නම් මේ සම්බන්ධයෙන් හෙළිදරව් වෙයිද කියලා දන්නෙ නැති හින්දා.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ආරක්ෂක ලේකම්වරයා හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් එක්ක එවකට මානුෂික මෙහෙයුමක් කරලා මේ මිලියන 22ක් වෙච්ච ජනතාවට ජීවත්වීමේ අයිතිය ලබාදීපු පුද්ගලයා. ත්‍රස්තවාදියෙක්ගෙන්වත් පළිගත්තෙ නැති පුද්ගලයා.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ආරක්ෂක ලේකම්වරයා හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් එක්ක එවකට මානුෂික මෙහෙයුමක් කරලා මේ මිලියන 22ක් වෙච්ච ජනතාවට ජීවත්වීමේ අයිතිය ලබාදීපු පුද්ගලයා. ත්‍රස්තවාදියෙක්ගෙන්වත් පළිගත්තෙ නැති පුද්ගලයා.

ඒ හින්දා ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වෙ අපේ ආණ්ඩුව පළිගන්නෙ නෑ, යහපාලනය දේශපාලන පළිගැනීම් කළා, අපි අපිට විරුද්ධව මොන චෝදනා කළත් දේශපාලන පළිගැනීම් කරන්නෙ නෑ කියන එකයි. ඉතිං හරීන් ප්‍රනාන්දුට දේශපාලන පළිගැනීමක් නොකරනවා කියපු එකවත් තේරුම් ගන්න බැරි නම් හරීන් ප්‍රනාන්දු දේශපාලනයටවත් සුදුසු නෑ.”

අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මේ බව පැවසුවේ ඊයේ (10) දින දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස