එක රටක් එක නීතියක් වචනෙට විතරයි! ජනාධිපති පාර්ලිමේන්තු ආවේ සුදු ඉර කපාගෙන! – හරීන්

August 22, 2020 at 8:26 pm | by emanisa.lk

නව වැනි පාර්ලිමේන්තුව ආරම්භ කරන ලද දිනයේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙරට නීතිය උල්ලංඝනය කළ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.

ජනාදිපතිවරයා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ ඇති සුදු ඉර කපා ගෙන පැමිණි බවත් එය මාර්ග නීතිය උල්ලංඝනය කිරීමක් බවත් ඔහු පැවසීය.

එක රටක් එක නීතියක් යැයි ජනාධිපතිවරයා තම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පැවසුවද ජනාධිපතිවරයාම මාර්ග නීති උල්ලංඝනය කරමින් පැමිණි බවත් ජනාධිපතිවරයාට ද එකම නීතිය අදාළ විය යුතු බවය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසියක් ආරම්භ කිරීමට පැමිණෙන සෑම අවස්ථාවකදීම ඔහු පෙරටුකරගත් අශ්වාරෝහක බල ඇණිය රථ පෙළපාළි පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ මාර්ගයේ හරි මැදින් පැමිණීම සාමාන්‍ය සම්ප්‍රදායක් බවයි.

එමෙන්ම ජාතික නිදහස් දිනය ආදී ජාතික උත්සවයන් පැවැත්වෙද්ද ඒ සඳහා යොදා ගන්නා මාර්ගයන් භාවිත කරන්නේද ඒ ආකාරයෙන් බවත් නුවර පෙරහැර ආදී සංස්කෘති අංග පවා ක‍්‍රියාත්මක වන්නේ එසේ බවත් ඔහු කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස