ඇමැති දයාසිරි සහ මන්ත්‍රී හකීම් ගැන ආඩම්බරයි…! අනෙක් අයටත් ආදර්ශයක්….! – PHI සංගමය…

January 11, 2021 at 10:00 am | by emanisa.lk

තමන්ට කොරෝනා වෛරසය ආසාදිත බව නොසඟවා එය ෆේස්බුක් සහ ට්විටර් ඔස්සේ රටට ම ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ මුස්ලිම් කොංග්‍රසයේ රවූෆ් හකීම් පිළිබඳ තමන් ආඩම්බර වන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මෙයට පෙර කොරෝනා ආසාදිත වූ ඇතැම් ජනතා නියෝජිතයන් තමන්ට එය ආසාදනය වීම ලැජ්ජාවක් සේ සලකා රහසින් පෞද්ගලික රෝහල්වලට ගොස් ප්‍රතිකාර ගත් බව තමන් දන්නේ යැයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය හෙළි කරයි.

ජනතා නියෝජිතයින් ආදර්ශවත් ලෙස කටයුතු කළහොත් ඔවුන්ගේ අනුගාමිකයින් ආදර්ශවත් ලෙස කටයුතු කරනු ඇතැයි සඳහන් කළ හෙතෙම වැඩි දුරටත් පෙන්වා දුන්නේ පැණි, මළ මිනි සහ එන්නත් පසුපස නොගොස් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළහොත් මෙම වෛරසයෙන් ගැළවිය හැකි බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *