ස්විමං පූල් එකක් යැයි විපක්ෂය අපහාස කළ හම්බන්තොට වරායේ 2020 ආදායම ඩොලර් ලක්ෂයක් බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.
පසුගිය ආණ්ඩුව එම වරාය චීනයට විකුණා නොදැමුවේ නම් එමගින් රටට විශාල ආදායමක් ලබාගත හැකිව තිබූ බව අගමැතිවරයා පෙන්වා දෙයි.
රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීම සඳහා තමන් ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති අතරමඟ නවතා දැමීම සහ පිට රටවලට විකුණාා දැමීම නිසා මේ රටේ ජනතාවට මහා ධනස්කන්ධයක් අහිමි වී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේ ය.