හිරිවඩුන්නේ බුදුන් උපන් තැන හොයන්න ගිය ඇමැති විදුරට ජනතා විරෝධය….! මිත්‍යාකාරයින්ට හූ කියා පන්නති….!

January 10, 2021 at 10:10 am | by emanisa.lk

සිදුහත් කුමාරයා බුදු බව ලැබූ ස්ථානය යැයි කියන හබරන හිරිවඩුන්න බෝධිරාජාරාමයට ඒ බව තහවුරු කිරීමට ගිය ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ඇතුළු පිරිසකට එම ප්‍රදේශය ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල විය.

භික්ෂූන් වහන්සේලද එම ස්ථානයට රැස්වී සිටි අතර ඒ හිමිවරු සඳහන් කර සිටියේද මෙම ස්ථානය සිදුහත් කුමාරයා බුදු බව ලැබූ ස්ථානය යැයි කියන මතය මෙම ප්‍රදේශයේ ජනතාව පවා ප්‍රතික්ෂේප කරන මතයක් බවයි.

එසේ ම ඒ සඳහා කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් නොමැති බවත් මෙම මතවාද නිසා බෞද්ධ ජනතාව දෙ කොටසකට බෙදී ගැටුම් ඇති කර ගන්නා තත්ත්වයක් මතුව ඇතැයි ඔවුහු සඳහන් කළහ.

පිරිස නික්ම යන විට එක් පුද්ගලයකු ජනතාවට ලොතරැයිපත් බෙදීමට උත්සාහ කිරීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර ජනතාව පිරිස පන්නා දැමූවේ හූ තබමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස