ඇමරිකාව පාස්කු ප්රහාරයට සම්බන්ධ ශ්රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව ලොස් ඇන්ජලිස්හි නඩු පවරා තිබේ.
මොවුන් තිදෙනා ශ්රී ලංකා අයිසිස් කණ්ඩායමට අයත් බව අනාවරණය කරන ඇමරකාව පල්ලි සහ හොටෙල්වලට පහර දී ඇමරිකානුවන් 05 දෙනෙකු ඇතුළු 268 දෙනෙකු ඝාතනය කිරීමට සම්බන්ධ බවට චෝදනා ගොනු කර ඇත.
ශ්රී ලාංකිකයින් අයිසිස් සංවිධානය වෙනුවෙන් පුහුණු කළ සහ සංවිධානයට බඳවා ගත් මොහොමඩ් නවුෆර්, ප්රහාරයට යොදාගත් බෝම්බ නිෂ්පාදනය කළ මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සහ ප්රහාරයේ දී පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ මොහොමඩ් මිහාන් හයාතු මොහොමඩ් ඒ තිදෙනා ය.
මොවුන් තිදෙනා ම දැනට ශ්රී ආරක්ෂ අංශ භාරයේ පසුවන අතර මොවුන් සම්බන්ධ ලංකාවේ නීතිමය කටයුතුවලට සහාය දෙන බවත් සඳහන් කරයි.
මොවුන්ට එරෙහිව ලංකාවට නීතිය ක්රියාත්මක කළ හැකි බව තමන් සිතන බවත් ලංකාවෙන් නිදහස ලැබුණත් මේ කිසිවෙකුට ඇමරිකාවෙන් නිදහසක් නොමැති බවත් ලොව ඕනෑ ම තැනක ඇමරිකානුවකු ඉලක්ක කළහොත් ඕනෑ ම ත්රස්තවාදියෙකුට නීතිය හමුවට පැමිණීමට සිදුවන බවට පණිවිඩයක් මෙමගින් ලැබෙන බවත් ඇමරිකාව අවධාරණය කරයි.