තවුහිද් ජමාද් සංවිධානයේ සාරා රෝ ඔත්තුකාරියක්? ප්‍රහාරයෙන් පසු ඉන්දියාවට පළා ගිහින්!

July 24, 2020 at 10:02 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු ඉන්දීය රෝ ඔත්තු සේවයට ලබා දී ඇත්තේ කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ හස්දුන්ගේ බිරිඳ වන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් ද යන සැකය මතුව තිබේ.

මෙම ප්‍රහාරයෙන් පසු සයින්දමරදු නිවසේ දී මරාගෙන මැරුණු පිරිස අතර සාරා ද සිටි බව ද මුල දී විශ්වාස කළ ද මේ වන විට ඈ ඉන්දියාවට පළා ගොස් ඇති බවට සැක කෙරේ. සයින්දමරදු පිපිරීමට පසු සාරා ඇසින් දුටු කිහිප දෙනෙකු ඒ බව සනාථ කර ඇති අතර ඇගේ මවගේ DNA සමග ගැළපෙන සිරුරක කොටස් ද සයින්දමරදු නිවසින් හමු වී නැත.

මෙම කාන්තාව නැඟෙනහිර විශ්වවිද්‍යාලයක ඉගනීමට පැමිණි දෙමළ තරුණියක වන අතර ඈ බලහත්කාරයෙන් මුස්ලිම් ආගමට බඳවා ගෙන හස්දුන්ට විවාහ කර දී ඇතැයි වාර්තා වෙයි.

මෙම ප්‍රහාරය පිළිබඳ තවුහිද් ජමාද් සංවිධානයේ 97 දෙනෙකුගෙන් ප්‍රශ්න කළ ද ප්‍රහාර පිළිබඳ දැන සිට ඇත්තේ සහරාන්ගේ බිරිඳ හාදියා සහ නවුෆර් මවුලවි පමණක් බව වාර්තා වෙයි. සහරාන්ගේ බිරිඳ පවසන ආකාරයට ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු සාරා දැන සිටි ඇති අතර සහරාන්ගේ දිවුරුමට අදාළ ඡායාරූප පවා ඇය සතුව තිබී ඇත.

කිසියම් ත්‍රස්ත කණ්ඩායමකට ඇතුළු කරන ඔත්තුකරුවන් ආරක්ෂා කිරීම ඒ ඒ ඔත්තු සංවිධානවල ස්වභාවය බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් නැඟෙනහිර පළාත් බුද්ධි නිලධාරියකු සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *