පාර්ලිමේන්තුව සත්තුවත්තක්..! නැත්තේ සිංහයෝ විතරයි…! – ඩලස්…

January 8, 2021 at 4:07 pm | by emanisa.lk

වර්තමාන පාර්ලිමේන්තුව සත්තුවත්තක් බවට පත්ව ඇති බවත් එහි නැත්තේ සිංහයින් පමණක් බවත් ඇමැති ඩලස් අලහප්පෙරුම පවසයි.

“අපේ පාර්ලිමේන්තුවේ විවේචන ඉවසන්න බැරි කී දෙනෙක් ඉන්නවද. විවේචනයක් කරද්දි බූරුවා, බල්ලා, කබරයා, වඳුරා කියලා සෑම සතෙකුගේම නම් කියලා බනිනවා. කියන්නේ නැත්තේ සිංහයාගේ නම විතරයි.

ඒ කියන අයගේ ළමා කාලය බැලුවම අපිට පැහැදිළියි, ඔවුන් කිසිම දවසක ක්‍රීඩාවකට සහභාගි වෙලා, ක්‍රීඩා කණ්ඩායමක සාමුහිකත්වයෙන් වැඩ කරලා නැහැ කියන එක. ඒ නිසා ඔවුන් ඉවසීම දන්නේ නැහැ, ත‍රඟකාරීත්වය විනය තේරෙන්නේ නැහැ. ජය පරාජය බෙදා ගන්න දන්නේ නැහැ.

මේක අපේ රටේ දේශපාලනයේ දකින්න තිබෙන භයානක රෝගයක්. ක්‍රීඩාව ඇතුලෙ තමයි සාමූහිකත්වය, ඉවසීම, විනය හැදෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා වසර කිහිපයක් යන විට ක්‍රීඩාව තුලින් ඉවසන්න හැකියාවක් තිබෙන, තරඟකාරීත්වය, විනය, සාමූහික හැගීම ඇති පරපුරක් බිහි කරන්න හැකි වේවි කියලා.”

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පසුගියදා මාලිම්බඩ, හොරගොඩ, භාග්‍යගම දිවා රාත්‍රී ක්‍රීඩාංගනය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස