ඌවතැන්නේ සුමන හිමිට ජනාධිපති සමාව දෙන්න පුළුවන් නම් දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දෙන්නත් පුළුවන්! – විමල්…

January 6, 2021 at 12:20 pm | by emanisa.lk

ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව දෙන්න පුළුවන් නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ද ජනාධිපති සමාව ලබා දීමට හැකි බව අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කරයි.

කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

“ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමි වූයේ උන් වහන්සේ විශාල ආයුධ තොගයක් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ දඬුවම් ලද නිසායි.

නමුත් දුමින්ද සිල්වාගේ නඩුවට අදාළව තීන්දුව ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ බලපෑම් එල්ල වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඒ වගේ ම එම නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් අධිකරණ විනිසුරුවරියක් සමග සිදුකළ දුරකථන සංවාදවල හඬපට නිකුත් වුණා.

ඒවගෙන් තේරුම් ගන්න පුළුවන් දුමින්ද සිල්වාගේ නඩුවට බලපෑම් එල්ලවූවා කියලා. ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව දුන්නා වගේ දුමින්ද සිල්වාටත් සමාව ලබාදීමට හැකියි කියලා අපි කියනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස